BTemplates.com

Search This Blog

Powered by Blogger.

Friday, July 16, 2021

ඊජිප්තු පිරමීඩ රහස් - 1


 

පිරමීඩ ගැන කතා කරනකොට නිරායාසයෙන්ම අපිට මතක් වෙන්නේ ගීසා පිරමීඩය.එහෙමත් නැත්නම් මහා පිරමීඩය.නමුත් මේ පිරමීඩයද ඇතුළුව බොහෝ පිරමීඩ ප්‍රමාණයක් ඊජිප්තුව තුළ තියෙනවා.පිරමීඩ කියන්නෙ ඇත්තටම ඊජිප්තුවේ බ්‍රෑන්ඩ් එකක් වගේ.හරි අද කියන්න යන්නේ අපි ඇත්ත කියලා හිතන් හිටපු දේවල්ද ඇත්තටම ඊජිප්තු පිරමීඩ වලින් කියවෙන්නේ කියන දේ ගැන. 


රහස් නොවූ පිරමීඩ රහස් වල තේරුම


අපි පොඩි කාලෙ ඉඳන් අහපු දේවල් තියෙනවා මේ පිරමීඩ ගැන.ඒවා හැදුවේ මෙයාලා හදලා තියෙන්නෙ මේ කාලෙ හැදුවෙ මේකටයි වගේ කතා.හැබැයි අපි මේවා ගැන වැඩි දුර කතා කලේ නෑ.ඉතින් මම කල්පනා කලා මමත් දශකයකටත් වඩා වැඩි කාලයක ඉඳන් හොයපු ගොඩක් කැමති අංශයක් තමා මේ පිරමීඩ රහස්.ඒ වගේම මොකක්ද මේ පිරමීඩ තාක්ෂණය.ඉතින් ඒකෙ ප්‍රථිඵලයක් විදිහට අද මට ලැබෙන තොරතුරු අනුව පෙනෙනවා සම්ප්‍රදායික පුරාවිද්‍යාව කියන දෙයට වඩා එහාට ගිය දේවල් මෙහි ඇති බව.


ඉතින් මිසර පිරමීඩ ගැන අපි සාමාන්‍යයෙන් අහලා තියෙන තොරතුරු මොනවාද ඒ වගේම කවුරුත් නොකියන ඇත්ත මොකක්ද කියලා බලමු.



පිරමීඩ නිර්මාණය කලේ පාරාවෝ රජවරුන් විසින්.

මේ කතාව අදටත් අපි අහන ගොඩක් වෙලාවට වෙබ් අඩවි වල පවා පැලපදියම් වෙච්ච බොහෝ පුරාවිද්‍යාඥයන් පවා කියන දෙයක්.නමුත් කිසිඳු සෘජු සාක්ෂියක් නෑ ඊජිප්තු ශිෂ්ඨාචාරය තුළ මේ පිරමීඩ ඉදි කලේ කවුරුන්ද යන වග.ඒ වගේම විශාල වශයෙන් මමීකෘත දේහ හමු වෙනවා ඊජිප්තුවෙන්.නමුත් මේ පිරමීඩ නිර්මාණයට මැදිහත් වූ කාෆ්‍රේ හා කූෆු වැනි රජවරුන්ගේ රාජකීය මමී තවමත් හමු වී නෑ.ඒ අනුව අපිට සෘජුව කියන්න හැකියාවක් නෑ පාරාවෝ කියන රජ පෙලපත කොපමණ පැරණිද යන්න.


එසේම මේ පිරමීඩ නිර්මාණය සම්බන්ධව ඇට්ලැන්ටිස් නම් පුරාණ ශිෂ්ඨාචාරයක් සම්බන්ධ වීම ගැනත් තොරතුරු තියෙනවා.ඉදිරියේදී ඒවත් ගෙන එන්නම්.



පිරමීඩ නිර්මාණය කර ඇත්තේ රාජකීය මමී තැන්පත් කිරීමට.


මේක බැලුවොත් ලෝකෙ ඊජිප්තු ඉතිහාස ගවේෂකයන් " විශ්වාස කරනවා " පිරමීඩ නිර්මාණය කොට ඇත්තේ පාරාවෝ රාජකීයයන් ගේ මමීකෘත දේහ තැන්පත් කිරීමට කියා.

       

එහෙම කියන්නෙ ඇයි?

මේ පිරමීඩ ඇතුලෙන් ගලින් නිමකල පෙට්ටියක් හමු වෙලා තියෙනවා.මේ කියන ගල් පෙට්ටි එක්ක තමා පිරමීඩ කියන්නෙ මමී තියන්න හදපු තැන් කියලා කියන්නෙ.ඒ වගේම ඒක අදටත් ලාංකීය සමාජයේ පවා පිළිගන්න මතයක්.


නමුත් සත්‍ය නම් ඊජිප්තුවේ තියෙන දැනට හමුවෙච්ච කිසිම පිරමීඩ කැණීමකින් හෝ අර කිව්ව ගල් පෙට්ටි වලින් වත් කිසිඳු රාජකීයයෙක්ගේ මමියක් හමු වෙලා නෑ.අඩුම මොන යම්ම හෝ ඇටසැකිල්ලක් හමු වී නෑ.


එතකොට ඔය හම්බ වෙන මමී ඔක්කොම ලැබිලා තියෙන්නෙ ඒ අවට අර සොහොන් ගෙවල් කියන ඒවා කැණීම් වලින් විතරයි.මේ ලඟදිත් මමී සිය ගණනක් හමු උනෙත් මේවායෙන්ම තමා.දේවාල කියලත් හඳුන්වනවා මේ සොහොන්.



ඊජිප්තු පිරමීඩ වසර 5,000 ක් පමණ පැරණිය.


මිසර පිරමීඩ කාබන් කාල නිර්ණයකට ලක් කරන්න බෑ.මොකද පිරමීඩෙ ගල් වල කාබන් නැති නිසා.ඒත් කියනවා මේවා අවුරුදු 5000 ක් පරණයි කියලා.

ඒ කොහොමද?


සමහර විට ඔබලා මේ පිරමීඩ කාල නිර්ණය කරපු හැටි අහලා නැති වෙන්න පුලුවන්.ඒක වෙන්නෙ මෙහෙමයි.මේ පිරමීඩ තුළ කැණීම් වලින් ලී,අඟුරු,ආහාර වැනි දෑ සොයාගෙන තිබෙනවා.ඉතින් මේ දේවල් කාබන් කාල නිර්ණයට ලක් කලාම මේ සියල්ලම පාහේ වසර 5000 ක් වගේ ඇවිත් තියෙනවා.ඒ වගේම පැපිරස් ලේඛන පවා කාබන් කාල නිර්ණයට ලක් කල විට ලැබිලා තියෙන්නෙත් මේ වගේම තොරතුරු.ඉතින් මේකෙන් ඔප්පු වෙන්නෙ නෑ පිරමීඩ වසර 5000 ක් පරණයි කියන දේ.බොහෝ විට මේක ඊට වඩා පරණ වෙන්න පුළුවන්.


ඒ අනුව පර්‍යේෂකයන් " විශ්වාස කරනවා " ඊජිප්තුවේ පිරමීඩ වසර 5000 ක් වගේ පැරණි ඇතැයි කියා.



දියුණු අය ඉස්සර හිටියා නම් ඇයි පිරමීඩ ගල් වලින් හදලා.


මේකට නම් දෙන්න තියෙන්නෙ සරල උත්තරයක්.අනාගතය වෙනුවෙන් යම් දෙයක් කියන්න උත්සාහ කරනවා නම් දෘඪම හා පහසුවෙන්ම සපයා ගත හැකි මූලද්‍රව්‍යය යොදා ගත යුතුයි.එහෙම නම් ඒ සඳහා සුදුසුම කළු ගල් නොවේද?


අපි අද ගැන හිතුවොත් අද අපි යොදා ගන්නෙ ඕනම දේකට කොන්ක්‍රීට්.නමුත් හිතලා බලන්න කොන්ක්‍රීට් වලින් හදලා අත ඇරලා දාපු ගොඩ නැගිල්ලක් බලන්න ඔයාලා.පොඩ්ඩක් ඇවිද්දොත් කොන්ක්‍රීට් හෝ සිමෙන්ති බැම්මක් හරි හමු වෙයි.අවුරුදු 50 ක් විතර පරණ ඒ වගේ එකක් හොයා ගන්න පුළුවන් උනොත් බලන්න කොහොමද ඒකෙ ශක්තිය.ගස් වල මුල් පවා ඇදලා සිමෙන්ති හරහා.වැස්සට දිරලා.අව්වට කොන්ක්‍රීට් පුපුරලා.ඉතින් අපි හිතුවට මේවා වසර දහස් ගණනක් පවතී කියලා හරියට නඩත්තු නොකලොත් වසර 100 ක් වත් තියාගන්න එකම ගැටළුවක්.


ලෝහමය ඉදිකිරීම් ගැනත් ඒකමයි කියන්න වෙන්නෙ.කාලයත් එක්ක මල බැඳීම නිසා වසර 50 ක් වත් තියා ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය එනවා.ඒ අනුව අතීත වැසියන් නිවැරදිම දේ අර ගලේ කෙටුවා වගේ කියනවා වගේ නොවෙනස් වන දෙයක් තමන්ගේ වැඩ වලට ගත්තා.ඒ කියන්නෙ මේ දේ ඇත්තෙන්ම වසර දහස් ගණනක් නොනැසී පැවතිය යුතුයි කියන අදහස හිතේ තබා ගෙනම කරපු දෙයක්.



මහා පිරමීඩය වසර 20 කින්  වහලුන් 100,000 ක් යොදාගෙන නිර්මාණය කොට ඇත.


ඊජිප්තු පිරමීඩ නිර්මාණයට වහලුන් යොදා ගත්තා කියන්න තවමත් සාක්ෂි හමු වෙලා නැත.හැබැයි මේ අදහස ලෝකෙ පුරා යන්න හේතු වෙන්නෙ හෙරඩෝටස් ගේ ලියවිල්ලක්.ඔහු කියලා තියෙන්නේ මිසර පිරමීඩ " මිනිසුන් " 100,000 කගේ පමණ සහභාගීත්වයෙන් ගොඩ නැගීම සිදුවූ බවත් ඔවුන් වැඩමුර 3 කට බෙදී වැඩ කල බවත්.ඒක නම් පිළිගන්න පුළුවන්.නමුත් පසුකාලීනව මිනිස්සු මේ දේ අතීතයේ රාජ්‍යන්ගේ තිබුණු අර පොදු ලක්ෂණයකට ආරෝපණය කළා කියන දේ තමා මට නම් පේන්නේ.මොකද ඉස්සර වහලුන් කියන දේ සෑහෙන්න තිබ්බ සිද්ධියක්.ඉතින් මේවගේ දැවැන්ත නිර්මාණයක් කරන්න මිනිස්සු කැමැත්තෙන් එයි කියලා හිතන්න අමාරු නිසා මේවගේ කතාවක් ගෙතිලා තියෙනවා.


නමුත් කිසිම සාධකයක් නෑ ඊජිප්තුවේ පිරමීඩ නිර්මාණයට " වහලුන් " යොදා ගත්තා කියලා. මොකද මේ නිර්මාණය ගැන ප්‍රායෝගික පරීක්ෂණ කරලා තියෙනවා.වැඩ කල මිනිසුන්ගේ සුසානයක්,ආපන ශාලාවක් වැනි ස්ථාන කැණීම් කරලා තියෙනවා.ඒ වගේම ඊජිප්තු කැණීම් වලදි එම සමාජයේ සුඛෝපභෝගී ආහාර වෙච්ච මිදි වැනි පලතුරු පවා ආහාරයට ගෙන තියෙනවා.ඉතින් වහලුන්ට එහෙම ආහාර ලැබෙයි කියලා හිතන්න අමාරුයි.


මේ කැණීම් වලින් හමුවෙලා තිබ්බා කැඩුණු ඇටසැකිලි.නමුත් එම ඇටසැකිලි වල බිඳුණු අත් පා සුව කල සලකුණු පවා රැඳී තිබිලා.


තවදුරටත් කිව්වොත් මේ පිරමීඩ නිර්මාණයට දායක වූවන් එහෙම නැත්නම් කම්කරුවන් වෙනත් දේශයකින් ආපු වහලුන් නෙමේ ඊජිප්තුවේම ජීවත් වී සිටි අය බව ජානමය විශ්ලේෂණ මඟින් තහවුරු වීම.


ඊලඟට මේක වසර 20 කින් නිර්මාණය කලා කියන දේ.ඇත්තටම එහෙම නිම කරන්න නම් තිබිය යුතු තාක්ෂණය මොන වගේ වෙන්න ඕනෙද කියලා ලෝකේ පර්‍යේෂණ වෙලා තියෙනවා.හැබැයි නවීන විද්‍යාව පවා කියන්නෙ දැන් තිබෙන තාක්ෂණය අනුව එවැන්නක් ඒ වගේ කාලයකින් කළ නොහැකි බව. එසේම වත්මන් පර්‍යේෂකයෝ අදහස් කරන්නේ කම්කරුවන් ඇතුළු මිනිසුන් 30,000 කගේ පමණ සහභාගීත්වයෙන් සේවා මුර ක්‍රමයකට වෙනස් තාක්ෂණයක් සහිතව පිරමීඩ ගොඩ නගා ඇති බව.




පිරමීඩ නිමවා ඇත්තේ ඊජිප්තු වාසීන් විශ්වාස කල මරණින් මතු ජීවිතය වෙනුවෙන් හා රා දෙවියන් වෙනුවෙන්.

මෙහෙම කතාවකුත් ඇහිලා තියෙනවා.මේ ඊජිප්තු වාසීන්ගේ දේව කතා වල විවිධ දේවල් වලට අධිපති අය ඉන්නවා.දෙවිවරු කියලයි පොදුවේ කියන්නෙ.රා , හෝරස් , අනුබිස් වගේ අය සඳහන්.තව හොඩක් කට්ටිය ඉන්නවා.ඉතින් මේ සූර්‍යය දෙවියන් කියලා හඳුන්වලා තියෙන්නේ රා කියලා කෙනෙක්ව.මෙන්න මේ රා කියන දෙවියා සිහි වෙන්න වගේම අර ඔවුන් තදින් විශ්වාස කරන් හිටපු මරණින් මතු ජීවිතය උදෙසා මේ මහා නිර්මාණ කළා කියන දේ සඳහන් කරන්න පුළුවන්.නමුත් ප්‍රායෝගිකව මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා ගැටළුවක් එනවා.මොකද මේ වගේ හිතා ගන්න අමාරු දෙයක් කරන්න අමාරු දෙයක් මේ වගේ දෙයකට යොදා ගන්න තරම් ඊජිප්තු වාසීන් මෝඩයි කියලා හිතන්න බෑ.මොකද පිරමීඩ තාක්ෂණයක් සහිතව මේවා නිර්මාණය කලා නම් මේ පොඩි කාරණය නොතේරී තියෙන්නෙ නෑ.


මේ සාමාන්‍යයෙන් අපි අසා තිබෙන කරුණු ටිකක්.තව තියෙනවා කතා නොකල දේවල් ඒවා ඉදිරියේදී ඔබට දැන ගන්න පුළුවන්.


Sunday, July 11, 2021

පෘථිවියේ සැකැස්ම


අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෘතුවියෙ මතුපිට හා අභ්යන්තරයේ සැකැස්ම පිලිබඳව.පසුගිය ලිපියෙන් සාකච්ඡා කළා කොහොමද පෘථිවිය නිර්මාණය වුණේ කියලා.ඔබට මේ ලිපිය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ් නම් " පෘථිවියේ ආරම්භය" නමින් පළවූ පළමු වන ලිපිය කියවා පැමිණෙන එක වඩා සුදුසුයි.


අපි එදිනෙදා භාවිතා කරන වචනයක් තමා මහපොළොව කියන වචනය.පළවෙනි ලිපියේ සාකච්ඡා කළ පරිදි මේ ලෝදිය ගෝලය සිසිල් වූ පසු  අපි හඳුන්වන මේ මහපොළොව නම් මේ පාෂාණ ගෝලය කාලයත් සමග විවිධ වූ පාෂාණ හා දියරමය පාෂාණ ස්ථර වලින් සමන්විත ගෝලයක් බවට පරිවර්තනය වුණා. වගේම ඊට බාහිරව තවත් වායුගෝලීය සැකැස්මකුත් නිර්මාණය වුණා.

 

පෘථිවි සැකැස්ම කොටස් 4කට බෙදෙනවා.

1 ශිලාගෝලය

2 ජලගෝලය

3 ජෛව ගෝලය

4 වායුගෝලය

 

ශිලාගෝලය ( Lithosphere )

ඉහත රූපයේ ඔබ දකින්නේ පෘථිවියේ හරස් කඩක්.එය මතුපිට සිට කේන්ද්රයට කිලෝ මීටර් 6000 කට වඩා වැඩි ඝනත්වයක් සහිත වේ.මෙය භූ තැටි ( Tectonic Plates ) ආශ්රයෙන් නිමවී ඇත. අනුව ඔබට පෙනෙනවා මේ ගෝලය විවිධ වූ ස්ථරයන් ගෙන් සමන්විත බව.මේ ස්ථර ගැන විද්යාඥයෝ තොරතුරු ලබා ගන්නා ආකාර 2ක් පවතිනවා.

1 භූ කම්පන තරංග (Earthquake ) අධ්යනය කිරීම මඟින්.

2 ගිනි කඳු පිපිරීම (Volcanic )අධ්යනය කිරීම මඟින්.

 

පෘථිවි හරයේ ප්රධාන ස්ථර 4ක් පවතිනවා.

1 කබොල

2  ප්රාවරණය

3 පිටත හරය

4  අභ්යන්තර හරය

 


කබොල ( Crust )

පෘථිවියේ මතුපිට සිට කිලෝ මීටර් 100 පමණ ගඹුරට විහිදී යන පස් ස්ථරයකි.මෙහි වටිනා ඛනිජ ද්රව්යන්ගෙන් ( Minerals ) ඉතා ඉහළ ප්රතිශතයක් අඩංගුව ඇත.එසේම ගංගා , මුහුදු , කඳු  හා සාගර ඇතුළු ජීවීන් ජීවත් වන්නේ මෙම ස්ථරයේ මතුපිට හා ආසන්නයේ වේ.

 

ප්රාවරණය ( Mantle )

කිලෝ මීටර් 100 සිට කිලෝ මීටර් 2900 දක්වා ස්ථරයක් වේ.අධික උෂ්ණත්වයක් සහිත කලාපයක් වන අතර අපි එදිනෙදා භාවිතා කරන ලෝහ ද්රව ස්වරූපයෙන් පවතී.

 

පිටත හරයExternal Core )

කිලෝ මීටර් 2900 සිට කිලෝ මීටර් 5100 දක්වා ස්ථරයක් අයත් වේ.සෙල්සියස් අංශක 5000 ඉක්මවන තරමේ අධික උෂ්ණත්වයක් පවතී.

 

අභ්යන්තර හරය ( Internal Core )

කිලෝ මීටර් 5100 සිට කිලෝ මීටර් 6378 දක්වා විහිදී ඇත.විශේෂත්වය වන්නේ මෙම කලාපයේ අධික පීඩනයක් හා අධික යකඩ ( Iron ) මූලද්රව්යය ප්රතිශතයක් පැවතීම වේ.

 

ජලගෝලය ( Hydrosphere )

සියළුම ජල මූලාශ් අයත් කලාපය මෙය වේ.වැව් , පොකුණු , සාගර , විල් , උල්පත් අයත් වේ.පෘථිවි කබොලේ මුල් කොටසට හා ආසන්නයට අයත් වේ.

 

ජෛව ගෝලය ( Biosphere )

සියළුම ශාක හා සත්ත්ව ජීවීන් ජීවත් වන කලාපය මෙය වේ.පෘථිවි කබොලේ මුල් කොටසට හා ආසන්නයට අයත් වේ.

 

මීලඟට බලමු පෘථිවියේ වායුගෝලයේ සැකැස්ම පිලිබඳව.

 

වායුගෝලය ( Atmosphere )


වායුගෝලයේ සැකැස්ම

මිනිසාට ජීවත් වීමට අවශ් වායුව වන ඔක්සිජන් වායුව තැන්පත්ව පැවතීම මෙන්ම පෘථිවිය අභ්යවකාශයෙන් (Space) පැමිණෙන උපද්රව වලින් ආරක්ෂා කරයි.උල්කාපාත , විකිරණ ( Radiation ) මඟින් සිදු වන බලපෑම් මර්ධනය කොට වායුගෝලය මඟින් ආරක්ෂාව සලසා දේ.

පොළව මතුපිට සිට කිලෝමීටර් 11 ක් පමණ ඉහළට යන තෙක් සමස්ථ වායු ස්කන්ධයෙන් 75% ක් පමණ ව්යාප්තව ඇත.මෙහි සංයුතිය අනුව 78% ක් පමණ නයිට්රජන් ( Nitrogen ) හා 21% ක් පමණ ඔක්සිජන් අඩංගු වේ.ඉතිරිය කුඩා ප්රමාණ වලින් වෙනත් වායූන්ගෙන් සමන්විත වේ.

මෙම අනෙක් වායූන් තුළ ඇති කාබන් ඩයොක්සයිඩ්  ( Carbon Dioxide ) , කාබන් මොනොක්සයිඩ් ( Carbon Monoxide ) හා ආගන්Argon ) වැනි වායූන් එක්වී සූර්යයාගෙන් නිකුත් වන පාරජම්බුල කිරණ ( Ultraviolet ) මඟින් පෘථිවියට සිදු වන අහිතකර බලපෑම් වලින් ගලවා ගනී.එසේම පෘථිවිය තුළ ප්රමාණවත් උෂ්ණත්වයක් පවත්වා ගනී.

මතුපිට සිට කිලෝමීටර් 100 ක් පමණ යන විට අභ්යවකාශය හා පෘථිවිය අතර වෙන්වීමේ සීමාවක් දළ වශයෙන් පෙනේ.


මෙම කලාපය නැවත කොටස් 5කට බෙදේ.

1 පරිවර්තී ගෝලය

2 අපරිවර්තී ගෝලය

3  මධ් ගෝලය

4 අයන ගෝලය

5 බාහිර ගෝලය

 

පරිවර්තී ගෝලය ( Troposphere )

අප හුස්ම ගන්නා වායූන් හා බොහෝ කාළගුණික විපර්යාසයන් සිදු වන්න හේතු වෙන්නෙ මේ කලාපය තුළ.වර්ෂාව හා සුළි සුලං නිර්මාණය වීමට හේතුව මෙම කලාපය වේ.සමකාසන්නව ( Equator ) මතුපිට සිට කිලෝමීටර් 17 ක් පමණ උසින් පිහිටියත් ධ්රැවාසන්න කලාප ( Pole ) වල එය කිලෝමීටර් 7 ක් පමණ වේ.

 

අපරිවර්තී ගෝලය ( Stratosphere )

පරිවර්තී ගෝලය අවසන් වීමත් සමඟ එතැන් සිට කිලෝ මීටර් 50 ක් පමණ දුරකට විහිදේ.මෙම කලාපය තුළ ඕසෝන් ස්ථරය ( Ozone Layer ) පිහිටා ඇත.එමඟින් අහිතකර පාරජම්බුල කිරණ වලින් සිදු වන හානි අවහිර කෙරේ.මෙම කලාපයේ පහල උෂ්ණත්වය ඉතා අවම වුවත් ඉහළට යත්ම උෂ්ණත්වය වැඩි වේ.

 

මධ් ගෝලය ( Mesosphere )

අපරිවර්තී ගෝලයෙන් පසු එතැන් සිට කිලෝ මීටර් 80 ක් පමණ ඝනකම කලාපය මෙය වේ.උල්කාපාත හා අභ්යවකාශ යානා ( Space Ships ) කොටස් වැනි දෑ බොහෝ ප්රමාණයක් ගිනි ගැනීමට ලක් වන්නේ මෙම කලාපයේදීය.

 

අයනගෝලය ( Ionosphere )

කිලෝ මීටර් 430 ක් පමණ වන මෙම කලාපයේ වායුගෝලය තුනීය.වායු අනු ඉතා උණුසුම් වුවත් වායුගෝලයේ වාත අණු තුනී වීම නිසා එතරම් උණුසුමක් නොමැත.මෙම කාලපය තුළ බොහෝ කෘත්රීම චන්ද්රිකා ( Artificial Satellites ) ස්ථානගතව පවතී.

සූර්යයාගෙන් නිකුත් වන ශක්ති අයන ( Ion ) ආශ්රයෙන් මෙම කලාපය නිර්මාණය වී ඇති අතර සන්නිවේදන කටයුතු සඳහා ගුවන්විදුලි තරංග ( Radio Waves ) භාවිතා කළ හැකි වේ.මක් නිසාද යත් මෙහි පවතින අයන ස්වභාවය මත පරාවර්තනය ( Reflect ) වීම සිදු වේ.මෙය තාප ගෝලය ( Thermosphere ) යනුවෙන්ද හැඳින්වේ.

 

බාහිර ගෝලය ( exosphere )

අයන ගෝලයේ මායිමෙන් පසු මෙය ආරම්භ වේ.මෙම ස්ථරයේ වායු අණු දුරස් බැවින් කිලෝ මීටර් සිය ගණනක් දුරට බාහිර අවකාශය වන තෙක් පැතිර ඇත.මෙහි බොහෝ ප්රමාණයක් ජලීය හයිඩ්රජන් හා හීලියම් ඇත.