ඊජිප්තු පිරමීඩ රහස් - 1
පිරමීඩ ගැන කතා කරනකොට නිරායාසයෙන්ම අපිට මතක් වෙන්නේ ගීසා පිරමීඩය.එහෙමත් නැත්නම් මහා පිරමීඩය.නමුත් මේ පිරමීඩයද ඇතුළුව බොහෝ පිරමීඩ ප්‍රමාණයක් ඊජිප්තුව තුළ තියෙනවා.පිරමීඩ කියන්නෙ ඇත්තටම ඊජිප්තුවේ බ්‍රෑන්ඩ් එකක් වගේ.හරි අද කියන්න යන්නේ අපි ඇත්ත කියලා හිතන් හිටපු දේවල්ද ඇත්තටම ඊජිප්තු පිරමීඩ වලින් කියවෙන්නේ කියන දේ ගැන.
රහස් නොවූ පිරමීඩ රහස් වල තේරුම
අපි පොඩි කාලෙ ඉඳන් අහපු දේවල් තියෙනවා මේ පිරමීඩ ගැන.ඒවා හැදුවේ මෙයාලා හදලා තියෙන්නෙ මේ කාලෙ හැදුවෙ මේකටයි වගේ කතා.හැබැයි අපි මේවා ගැන වැඩි දුර කතා කලේ නෑ.ඉතින් මම කල්පනා කලා මමත් දශකයකටත් වඩා වැඩි කාලයක ඉඳන් හොයපු ගොඩක් කැමති අංශයක් තමා මේ පිරමීඩ රහස්.ඒ වගේම මොකක්ද මේ පිරමීඩ තාක්ෂණය.ඉතින් ඒකෙ ප්‍රථිඵලයක් විදිහට අද මට ලැබෙන තොරතුරු අනුව පෙනෙනවා සම්ප්‍රදායික පුරාවිද්‍යාව කියන දෙයට වඩා එහාට ගිය දේවල් මෙහි ඇති බව.
ඉතින් මිසර පිරමීඩ ගැන අපි සාමාන්‍යයෙන් අහලා තියෙන තොරතුරු මොනවාද ඒ වගේම කවුරුත් නොකියන ඇත්ත මොකක්ද කියලා බලමු.
පිරමීඩ නිර්මාණය කලේ පාරාවෝ රජවරුන් විසින්.
මේ කතාව අදටත් අපි අහන ගොඩක් වෙලාවට වෙබ් අඩවි වල පවා පැලපදියම් වෙච්ච බොහෝ පුරාවිද්‍යාඥයන් පවා කියන දෙයක්.නමුත් කිසිඳු සෘජු සාක්ෂියක් නෑ ඊජිප්තු ශිෂ්ඨාචාරය තුළ මේ පිරමීඩ ඉදි කලේ කවුරුන්ද යන වග.ඒ වගේම විශාල වශයෙන් මමීකෘත දේහ හමු වෙනවා ඊජිප්තුවෙන්.නමුත් මේ පිරමීඩ නිර්මාණයට මැදිහත් වූ කාෆ්‍රේ හා කූෆු වැනි රජවරුන්ගේ රාජකීය මමී තවමත් හමු වී නෑ.ඒ අනුව අපිට සෘජුව කියන්න හැකියාවක් නෑ පාරාවෝ කියන රජ පෙලපත කොපමණ පැරණිද යන්න.
එසේම මේ පිරමීඩ නිර්මාණය සම්බන්ධව ඇට්ලැන්ටිස් නම් පුරාණ ශිෂ්ඨාචාරයක් සම්බන්ධ වීම ගැනත් තොරතුරු තියෙනවා.ඉදිරියේදී ඒවත් ගෙන එන්නම්.
පිරමීඩ නිර්මාණය කර ඇත්තේ රාජකීය මමී තැන්පත් කිරීමට.
මේක බැලුවොත් ලෝකෙ ඊජිප්තු ඉතිහාස ගවේෂකයන් " විශ්වාස කරනවා " පිරමීඩ නිර්මාණය කොට ඇත්තේ පාරාවෝ රාජකීයයන් ගේ මමීකෘත දේහ තැන්පත් කිරීමට කියා.
එහෙම කියන්නෙ ඇයි?
මේ පිරමීඩ ඇතුලෙන් ගලින් නිමකල පෙට්ටියක් හමු වෙලා තියෙනවා.මේ කියන ගල් පෙට්ටි එක්ක තමා පිරමීඩ කියන්නෙ මමී තියන්න හදපු තැන් කියලා කියන්නෙ.ඒ වගේම ඒක අදටත් ලාංකීය සමාජයේ පවා පිළිගන්න මතයක්.
නමුත් සත්‍ය නම් ඊජිප්තුවේ තියෙන දැනට හමුවෙච්ච කිසිම පිරමීඩ කැණීමකින් හෝ අර කිව්ව ගල් පෙට්ටි වලින් වත් කිසිඳු රාජකීයයෙක්ගේ මමියක් හමු වෙලා නෑ.අඩුම මොන යම්ම හෝ ඇටසැකිල්ලක් හමු වී නෑ.
එතකොට ඔය හම්බ වෙන මමී ඔක්කොම ලැබිලා තියෙන්නෙ ඒ අවට අර සොහොන් ගෙවල් කියන ඒවා කැණීම් වලින් විතරයි.මේ ලඟදිත් මමී සිය ගණනක් හමු උනෙත් මේවායෙන්ම තමා.දේවාල කියලත් හඳුන්වනවා මේ සොහොන්.
ඊජිප්තු පිරමීඩ වසර 5,000 ක් පමණ පැරණිය.
මිසර පිරමීඩ කාබන් කාල නිර්ණයකට ලක් කරන්න බෑ.මොකද පිරමීඩෙ ගල් වල කාබන් නැති නිසා.ඒත් කියනවා මේවා අවුරුදු 5000 ක් පරණයි කියලා.
ඒ කොහොමද?
සමහර විට ඔබලා මේ පිරමීඩ කාල නිර්ණය කරපු හැටි අහලා නැති වෙන්න පුලුවන්.ඒක වෙන්නෙ මෙහෙමයි.මේ පිරමීඩ තුළ කැණීම් වලින් ලී,අඟුරු,ආහාර වැනි දෑ සොයාගෙන තිබෙනවා.ඉතින් මේ දේවල් කාබන් කාල නිර්ණයට ලක් කලාම මේ සියල්ලම පාහේ වසර 5000 ක් වගේ ඇවිත් තියෙනවා.ඒ වගේම පැපිරස් ලේඛන පවා කාබන් කාල නිර්ණයට ලක් කල විට ලැබිලා තියෙන්නෙත් මේ වගේම තොරතුරු.ඉතින් මේකෙන් ඔප්පු වෙන්නෙ නෑ පිරමීඩ වසර 5000 ක් පරණයි කියන දේ.බොහෝ විට මේක ඊට වඩා පරණ වෙන්න පුළුවන්.
ඒ අනුව පර්‍යේෂකයන් " විශ්වාස කරනවා " ඊජිප්තුවේ පිරමීඩ වසර 5000 ක් වගේ පැරණි ඇතැයි කියා.
දියුණු අය ඉස්සර හිටියා නම් ඇයි පිරමීඩ ගල් වලින් හදලා.
මේකට නම් දෙන්න තියෙන්නෙ සරල උත්තරයක්.අනාගතය වෙනුවෙන් යම් දෙයක් කියන්න උත්සාහ කරනවා නම් දෘඪම හා පහසුවෙන්ම සපයා ගත හැකි මූලද්‍රව්‍යය යොදා ගත යුතුයි.එහෙම නම් ඒ සඳහා සුදුසුම කළු ගල් නොවේද?
අපි අද ගැන හිතුවොත් අද අපි යොදා ගන්නෙ ඕනම දේකට කොන්ක්‍රීට්.නමුත් හිතලා බලන්න කොන්ක්‍රීට් වලින් හදලා අත ඇරලා දාපු ගොඩ නැගිල්ලක් බලන්න ඔයාලා.පොඩ්ඩක් ඇවිද්දොත් කොන්ක්‍රීට් හෝ සිමෙන්ති බැම්මක් හරි හමු වෙයි.අවුරුදු 50 ක් විතර පරණ ඒ වගේ එකක් හොයා ගන්න පුළුවන් උනොත් බලන්න කොහොමද ඒකෙ ශක්තිය.ගස් වල මුල් පවා ඇදලා සිමෙන්ති හරහා.වැස්සට දිරලා.අව්වට කොන්ක්‍රීට් පුපුරලා.ඉතින් අපි හිතුවට මේවා වසර දහස් ගණනක් පවතී කියලා හරියට නඩත්තු නොකලොත් වසර 100 ක් වත් තියාගන්න එකම ගැටළුවක්.
ලෝහමය ඉදිකිරීම් ගැනත් ඒකමයි කියන්න වෙන්නෙ.කාලයත් එක්ක මල බැඳීම නිසා වසර 50 ක් වත් තියා ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය එනවා.ඒ අනුව අතීත වැසියන් නිවැරදිම දේ අර ගලේ කෙටුවා වගේ කියනවා වගේ නොවෙනස් වන දෙයක් තමන්ගේ වැඩ වලට ගත්තා.ඒ කියන්නෙ මේ දේ ඇත්තෙන්ම වසර දහස් ගණනක් නොනැසී පැවතිය යුතුයි කියන අදහස හිතේ තබා ගෙනම කරපු දෙයක්.
මහා පිරමීඩය වසර 20 කින් වහලුන් 100,000 ක් යොදාගෙන නිර්මාණය කොට ඇත.
ඊජිප්තු පිරමීඩ නිර්මාණයට වහලුන් යොදා ගත්තා කියන්න තවමත් සාක්ෂි හමු වෙලා නැත.හැබැයි මේ අදහස ලෝකෙ පුරා යන්න හේතු වෙන්නෙ හෙරඩෝටස් ගේ ලියවිල්ලක්.ඔහු කියලා තියෙන්නේ මිසර පිරමීඩ " මිනිසුන් " 100,000 කගේ පමණ සහභාගීත්වයෙන් ගොඩ නැගීම සිදුවූ බවත් ඔවුන් වැඩමුර 3 කට බෙදී වැඩ කල බවත්.ඒක නම් පිළිගන්න පුළුවන්.නමුත් පසුකාලීනව මිනිස්සු මේ දේ අතීතයේ රාජ්‍යන්ගේ තිබුණු අර පොදු ලක්ෂණයකට ආරෝපණය කළා කියන දේ තමා මට නම් පේන්නේ.මොකද ඉස්සර වහලුන් කියන දේ සෑහෙන්න තිබ්බ සිද්ධියක්.ඉතින් මේවගේ දැවැන්ත නිර්මාණයක් කරන්න මිනිස්සු කැමැත්තෙන් එයි කියලා හිතන්න අමාරු නිසා මේවගේ කතාවක් ගෙතිලා තියෙනවා.
නමුත් කිසිම සාධකයක් නෑ ඊජිප්තුවේ පිරමීඩ නිර්මාණයට " වහලුන් " යොදා ගත්තා කියලා. මොකද මේ නිර්මාණය ගැන ප්‍රායෝගික පරීක්ෂණ කරලා තියෙනවා.වැඩ කල මිනිසුන්ගේ සුසානයක්,ආපන ශාලාවක් වැනි ස්ථාන කැණීම් කරලා තියෙනවා.ඒ වගේම ඊජිප්තු කැණීම් වලදි එම සමාජයේ සුඛෝපභෝගී ආහාර වෙච්ච මිදි වැනි පලතුරු පවා ආහාරයට ගෙන තියෙනවා.ඉතින් වහලුන්ට එහෙම ආහාර ලැබෙයි කියලා හිතන්න අමාරුයි.
මේ කැණීම් වලින් හමුවෙලා තිබ්බා කැඩුණු ඇටසැකිලි.නමුත් එම ඇටසැකිලි වල බිඳුණු අත් පා සුව කල සලකුණු පවා රැඳී තිබිලා.
තවදුරටත් කිව්වොත් මේ පිරමීඩ නිර්මාණයට දායක වූවන් එහෙම නැත්නම් කම්කරුවන් වෙනත් දේශයකින් ආපු වහලුන් නෙමේ ඊජිප්තුවේම ජීවත් වී සිටි අය බව ජානමය විශ්ලේෂණ මඟින් තහවුරු වීම.
ඊලඟට මේක වසර 20 කින් නිර්මාණය කලා කියන දේ.ඇත්තටම එහෙම නිම කරන්න නම් තිබිය යුතු තාක්ෂණය මොන වගේ වෙන්න ඕනෙද කියලා ලෝකේ පර්‍යේෂණ වෙලා තියෙනවා.හැබැයි නවීන විද්‍යාව පවා කියන්නෙ දැන් තිබෙන තාක්ෂණය අනුව එවැන්නක් ඒ වගේ කාලයකින් කළ නොහැකි බව. එසේම වත්මන් පර්‍යේෂකයෝ අදහස් කරන්නේ කම්කරුවන් ඇතුළු මිනිසුන් 30,000 කගේ පමණ සහභාගීත්වයෙන් සේවා මුර ක්‍රමයකට වෙනස් තාක්ෂණයක් සහිතව පිරමීඩ ගොඩ නගා ඇති බව.
පිරමීඩ නිමවා ඇත්තේ ඊජිප්තු වාසීන් විශ්වාස කල මරණින් මතු ජීවිතය වෙනුවෙන් හා රා දෙවියන් වෙනුවෙන්.
මෙහෙම කතාවකුත් ඇහිලා තියෙනවා.මේ ඊජිප්තු වාසීන්ගේ දේව කතා වල විවිධ දේවල් වලට අධිපති අය ඉන්නවා.දෙවිවරු කියලයි පොදුවේ කියන්නෙ.රා , හෝරස් , අනුබිස් වගේ අය සඳහන්.තව හොඩක් කට්ටිය ඉන්නවා.ඉතින් මේ සූර්‍යය දෙවියන් කියලා හඳුන්වලා තියෙන්නේ රා කියලා කෙනෙක්ව.මෙන්න මේ රා කියන දෙවියා සිහි වෙන්න වගේම අර ඔවුන් තදින් විශ්වාස කරන් හිටපු මරණින් මතු ජීවිතය උදෙසා මේ මහා නිර්මාණ කළා කියන දේ සඳහන් කරන්න පුළුවන්.නමුත් ප්‍රායෝගිකව මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා ගැටළුවක් එනවා.මොකද මේ වගේ හිතා ගන්න අමාරු දෙයක් කරන්න අමාරු දෙයක් මේ වගේ දෙයකට යොදා ගන්න තරම් ඊජිප්තු වාසීන් මෝඩයි කියලා හිතන්න බෑ.මොකද පිරමීඩ තාක්ෂණයක් සහිතව මේවා නිර්මාණය කලා නම් මේ පොඩි කාරණය නොතේරී තියෙන්නෙ නෑ.
මේ සාමාන්‍යයෙන් අපි අසා තිබෙන කරුණු ටිකක්.තව තියෙනවා කතා නොකල දේවල් ඒවා ඉදිරියේදී ඔබට දැන ගන්න පුළුවන්.







