BTemplates.com

Search This Blog

Powered by Blogger.

Sunday, July 11, 2021

පෘථිවියේ සැකැස්ම


අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෘතුවියෙ මතුපිට හා අභ්යන්තරයේ සැකැස්ම පිලිබඳව.පසුගිය ලිපියෙන් සාකච්ඡා කළා කොහොමද පෘථිවිය නිර්මාණය වුණේ කියලා.ඔබට මේ ලිපිය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ් නම් " පෘථිවියේ ආරම්භය" නමින් පළවූ පළමු වන ලිපිය කියවා පැමිණෙන එක වඩා සුදුසුයි.


අපි එදිනෙදා භාවිතා කරන වචනයක් තමා මහපොළොව කියන වචනය.පළවෙනි ලිපියේ සාකච්ඡා කළ පරිදි මේ ලෝදිය ගෝලය සිසිල් වූ පසු  අපි හඳුන්වන මේ මහපොළොව නම් මේ පාෂාණ ගෝලය කාලයත් සමග විවිධ වූ පාෂාණ හා දියරමය පාෂාණ ස්ථර වලින් සමන්විත ගෝලයක් බවට පරිවර්තනය වුණා. වගේම ඊට බාහිරව තවත් වායුගෝලීය සැකැස්මකුත් නිර්මාණය වුණා.

 

පෘථිවි සැකැස්ම කොටස් 4කට බෙදෙනවා.

1 ශිලාගෝලය

2 ජලගෝලය

3 ජෛව ගෝලය

4 වායුගෝලය

 

ශිලාගෝලය ( Lithosphere )

ඉහත රූපයේ ඔබ දකින්නේ පෘථිවියේ හරස් කඩක්.එය මතුපිට සිට කේන්ද්රයට කිලෝ මීටර් 6000 කට වඩා වැඩි ඝනත්වයක් සහිත වේ.මෙය භූ තැටි ( Tectonic Plates ) ආශ්රයෙන් නිමවී ඇත. අනුව ඔබට පෙනෙනවා මේ ගෝලය විවිධ වූ ස්ථරයන් ගෙන් සමන්විත බව.මේ ස්ථර ගැන විද්යාඥයෝ තොරතුරු ලබා ගන්නා ආකාර 2ක් පවතිනවා.

1 භූ කම්පන තරංග (Earthquake ) අධ්යනය කිරීම මඟින්.

2 ගිනි කඳු පිපිරීම (Volcanic )අධ්යනය කිරීම මඟින්.

 

පෘථිවි හරයේ ප්රධාන ස්ථර 4ක් පවතිනවා.

1 කබොල

2  ප්රාවරණය

3 පිටත හරය

4  අභ්යන්තර හරය

 


කබොල ( Crust )

පෘථිවියේ මතුපිට සිට කිලෝ මීටර් 100 පමණ ගඹුරට විහිදී යන පස් ස්ථරයකි.මෙහි වටිනා ඛනිජ ද්රව්යන්ගෙන් ( Minerals ) ඉතා ඉහළ ප්රතිශතයක් අඩංගුව ඇත.එසේම ගංගා , මුහුදු , කඳු  හා සාගර ඇතුළු ජීවීන් ජීවත් වන්නේ මෙම ස්ථරයේ මතුපිට හා ආසන්නයේ වේ.

 

ප්රාවරණය ( Mantle )

කිලෝ මීටර් 100 සිට කිලෝ මීටර් 2900 දක්වා ස්ථරයක් වේ.අධික උෂ්ණත්වයක් සහිත කලාපයක් වන අතර අපි එදිනෙදා භාවිතා කරන ලෝහ ද්රව ස්වරූපයෙන් පවතී.

 

පිටත හරයExternal Core )

කිලෝ මීටර් 2900 සිට කිලෝ මීටර් 5100 දක්වා ස්ථරයක් අයත් වේ.සෙල්සියස් අංශක 5000 ඉක්මවන තරමේ අධික උෂ්ණත්වයක් පවතී.

 

අභ්යන්තර හරය ( Internal Core )

කිලෝ මීටර් 5100 සිට කිලෝ මීටර් 6378 දක්වා විහිදී ඇත.විශේෂත්වය වන්නේ මෙම කලාපයේ අධික පීඩනයක් හා අධික යකඩ ( Iron ) මූලද්රව්යය ප්රතිශතයක් පැවතීම වේ.

 

ජලගෝලය ( Hydrosphere )

සියළුම ජල මූලාශ් අයත් කලාපය මෙය වේ.වැව් , පොකුණු , සාගර , විල් , උල්පත් අයත් වේ.පෘථිවි කබොලේ මුල් කොටසට හා ආසන්නයට අයත් වේ.

 

ජෛව ගෝලය ( Biosphere )

සියළුම ශාක හා සත්ත්ව ජීවීන් ජීවත් වන කලාපය මෙය වේ.පෘථිවි කබොලේ මුල් කොටසට හා ආසන්නයට අයත් වේ.

 

මීලඟට බලමු පෘථිවියේ වායුගෝලයේ සැකැස්ම පිලිබඳව.

 

වායුගෝලය ( Atmosphere )


වායුගෝලයේ සැකැස්ම

මිනිසාට ජීවත් වීමට අවශ් වායුව වන ඔක්සිජන් වායුව තැන්පත්ව පැවතීම මෙන්ම පෘථිවිය අභ්යවකාශයෙන් (Space) පැමිණෙන උපද්රව වලින් ආරක්ෂා කරයි.උල්කාපාත , විකිරණ ( Radiation ) මඟින් සිදු වන බලපෑම් මර්ධනය කොට වායුගෝලය මඟින් ආරක්ෂාව සලසා දේ.

පොළව මතුපිට සිට කිලෝමීටර් 11 ක් පමණ ඉහළට යන තෙක් සමස්ථ වායු ස්කන්ධයෙන් 75% ක් පමණ ව්යාප්තව ඇත.මෙහි සංයුතිය අනුව 78% ක් පමණ නයිට්රජන් ( Nitrogen ) හා 21% ක් පමණ ඔක්සිජන් අඩංගු වේ.ඉතිරිය කුඩා ප්රමාණ වලින් වෙනත් වායූන්ගෙන් සමන්විත වේ.

මෙම අනෙක් වායූන් තුළ ඇති කාබන් ඩයොක්සයිඩ්  ( Carbon Dioxide ) , කාබන් මොනොක්සයිඩ් ( Carbon Monoxide ) හා ආගන්Argon ) වැනි වායූන් එක්වී සූර්යයාගෙන් නිකුත් වන පාරජම්බුල කිරණ ( Ultraviolet ) මඟින් පෘථිවියට සිදු වන අහිතකර බලපෑම් වලින් ගලවා ගනී.එසේම පෘථිවිය තුළ ප්රමාණවත් උෂ්ණත්වයක් පවත්වා ගනී.

මතුපිට සිට කිලෝමීටර් 100 ක් පමණ යන විට අභ්යවකාශය හා පෘථිවිය අතර වෙන්වීමේ සීමාවක් දළ වශයෙන් පෙනේ.


මෙම කලාපය නැවත කොටස් 5කට බෙදේ.

1 පරිවර්තී ගෝලය

2 අපරිවර්තී ගෝලය

3  මධ් ගෝලය

4 අයන ගෝලය

5 බාහිර ගෝලය

 

පරිවර්තී ගෝලය ( Troposphere )

අප හුස්ම ගන්නා වායූන් හා බොහෝ කාළගුණික විපර්යාසයන් සිදු වන්න හේතු වෙන්නෙ මේ කලාපය තුළ.වර්ෂාව හා සුළි සුලං නිර්මාණය වීමට හේතුව මෙම කලාපය වේ.සමකාසන්නව ( Equator ) මතුපිට සිට කිලෝමීටර් 17 ක් පමණ උසින් පිහිටියත් ධ්රැවාසන්න කලාප ( Pole ) වල එය කිලෝමීටර් 7 ක් පමණ වේ.

 

අපරිවර්තී ගෝලය ( Stratosphere )

පරිවර්තී ගෝලය අවසන් වීමත් සමඟ එතැන් සිට කිලෝ මීටර් 50 ක් පමණ දුරකට විහිදේ.මෙම කලාපය තුළ ඕසෝන් ස්ථරය ( Ozone Layer ) පිහිටා ඇත.එමඟින් අහිතකර පාරජම්බුල කිරණ වලින් සිදු වන හානි අවහිර කෙරේ.මෙම කලාපයේ පහල උෂ්ණත්වය ඉතා අවම වුවත් ඉහළට යත්ම උෂ්ණත්වය වැඩි වේ.

 

මධ් ගෝලය ( Mesosphere )

අපරිවර්තී ගෝලයෙන් පසු එතැන් සිට කිලෝ මීටර් 80 ක් පමණ ඝනකම කලාපය මෙය වේ.උල්කාපාත හා අභ්යවකාශ යානා ( Space Ships ) කොටස් වැනි දෑ බොහෝ ප්රමාණයක් ගිනි ගැනීමට ලක් වන්නේ මෙම කලාපයේදීය.

 

අයනගෝලය ( Ionosphere )

කිලෝ මීටර් 430 ක් පමණ වන මෙම කලාපයේ වායුගෝලය තුනීය.වායු අනු ඉතා උණුසුම් වුවත් වායුගෝලයේ වාත අණු තුනී වීම නිසා එතරම් උණුසුමක් නොමැත.මෙම කාලපය තුළ බොහෝ කෘත්රීම චන්ද්රිකා ( Artificial Satellites ) ස්ථානගතව පවතී.

සූර්යයාගෙන් නිකුත් වන ශක්ති අයන ( Ion ) ආශ්රයෙන් මෙම කලාපය නිර්මාණය වී ඇති අතර සන්නිවේදන කටයුතු සඳහා ගුවන්විදුලි තරංග ( Radio Waves ) භාවිතා කළ හැකි වේ.මක් නිසාද යත් මෙහි පවතින අයන ස්වභාවය මත පරාවර්තනය ( Reflect ) වීම සිදු වේ.මෙය තාප ගෝලය ( Thermosphere ) යනුවෙන්ද හැඳින්වේ.

 

බාහිර ගෝලය ( exosphere )

අයන ගෝලයේ මායිමෙන් පසු මෙය ආරම්භ වේ.මෙම ස්ථරයේ වායු අණු දුරස් බැවින් කිලෝ මීටර් සිය ගණනක් දුරට බාහිර අවකාශය වන තෙක් පැතිර ඇත.මෙහි බොහෝ ප්රමාණයක් ජලීය හයිඩ්රජන් හා හීලියම් ඇත.

0 comments:

Post a Comment